"දීපාලෝක" - වෙසක් පහන් කූඩු තරඟාවලිය


කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය විසින් සංවිධානය කළ "දීපාලෝක" වෙසක් පහන් කූඩු තරඟාවලිය මැයි මස 16 වන දා සිට 29 වනදා දක්වා පැවැත්වුණි.

උද්ගත වී තිබූ කොවිඩ්-19 වෛරස තත්ත්වය හේතුවෙන් රට වසා දමා පැවැතුන තත්ත්වයකදී වුවද තුන්ලොවක් සදහම් සිසිලෙන් සනසා වදාල තිලෝගුරු බුදුරජුන්ගේ තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කළ "දීපාලෝක" වෙසක් පහන් කූඩු තරඟාවලියට දිවයිනේ නන් දෙසින් තරඟකරුවන් රාශියක් සම්බන්ධ වූ අතර සමස්ත තරඟයෙන්ම ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනාගත් තරඟකරුවන්ට රීලෝඩ් ත්‍යාග පිරිනමමින් දීපාලෝක තරඟාවලියේ අවසානය 2021.05.29 වන දා සනිටුහන්  කිරීමට අප සමත් උනා.

ජයග්‍රහකයින්ට කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවයේ සුභාෂිංසන එක්කරන අතර අප හා එක් වූ සියලූම තරඟකරුවන්ට මෙන්ම තරඟාවලිය සාර්ථක කර ගැනීමට සහය දුන් සියලූම දෙනාටත් අපගේ හදපිරි ස්තූතිය!


 

Popular posts from this blog

SIYAPATHA is now at your fingertips!